අපේ Tech පළාමල්ල බලන සමහර අයට Twitter Accounts එහෙම ඇතිනේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ Twitter Profile එකට Followers ලා වැඩිකරගන්න හැටි. හැමෝම කැමතිනේ ඉතින් තමන් දාන Tweets වැඩි දෙනෙක් දකිනවනම් නේ? අනික Business මට්ටමේ Twitter Profiles පවත්වාගෙන යන අයට එහෙම තමන්ට Followers ලා ගොඩක් ඉන්න එක ගොඩක් වටිනවනේ.
කරන්න තියෙන්නේ මෙච්චරයි.
- Website එකක් තියනවා www.twiends.com කියලා. මේ Website එකට ගිහින් Account එකක් හදාගන්න ඕනේ.
- ඊට පස්සේ ඔයාලගේ Twitter Account එක ඒකට Add කරන්න
මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක්.
Twiends එකේ Followers ලා දෙන්නේ මෙන්න මෙහෙමයි. Twiends Seeds කියලා දෙයක් තියනවා. ඔයාට පුළුවන් ඔයාගේ Account එක Follow කරනවට ඔයා Twiends Seeds කීයක් එක්කෙනකුට දෙනවද කියලා කියන්න. එතකොට වැඩිම Seeds ලබාදීමේ අනුපිලිවෙලට ඔයාගේ Twitter Profile එක ඒ Website එකේ පෙන්නනවා. ආරම්භක Seeds විදිහට Seeds ටිකක් ඔයාලට මුලින්ම හම්බවෙයි. කවුරුහරි තව Twiends එකේ ඔයාල වගේම කෙනෙක් ඔයාලගේ Account එක ඒක හරහා Follow කෙරුවාම අර ඒක Follow එකකට ඔයා දෙනවා කිව්වා Seeds ගාන ඔයාගේ Account එකෙන් ඒ Follow කරපු කෙනාගේ Account ඒකට මාරු වෙනවා. ඔයාටත් ඔයාගේ Account එකේ Seeds ගාන වැඩිකරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ Twiends හරහා තවත් Twitter Profiles, Follow කිරීම විතරයි. එතකොට ඒ Profile එක Follow කරනවට දෙනවා කියල තියන Seeds ගාන ඔයාගේ Account එකට එනවා. ඒ Seeds ආයෙමත් ඔයාට ඔයාගේ Profile එක Follow කරන අයට දෙන්න පුළුවන්.
Follow කරන එකත් හරිම ලේසියි. තනි Click එකකින් වැඩේ කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ Twiends List එකේ තියන Twitter Profiles ටික එකින ඒක Click කරගෙන යන්න විතරයි.
ඔන්න එහෙනම් මම දැන් වැඩේ කරන විදිහ පියවරෙන් පියවර කියල දෙන්නම්.
- ඉස්සරවෙලාම www.twiends.com වෙබ් අඩවියට යන්න. එකේ උඩ දකුණු කෙලවරේ ඇති Sign In with Twitter කියල Button එකක්. ඒක Click කරන්න.

- ඊට පස්සේ තවත් Web Page එකක් Open වෙලා Twitter වලින් Twiends Application එක Authorize කරන්න කියල අහයි. එතනට ඉල්ලනවනම් Username එකයි Password එකයි ත් දීලා Authorize App උඩ Click කරන්න.

- දැන් ඔයා ආපහු Twiends එකට යන්න. දැන් ඔයා ඒකට Login වෙලා ඉඳියි. දැන් කරන්න තියෙන්නේ එකේ උඩ දකුණු පැත්තේ තියන Settings කියන එක Click කරන එකයි. ඊට පස්සේ Load වෙන Web Page එකේ ඔයාගේ email එක දෙන්න එයාල කියයි එතකොට ඔයාගේ email ඒකට message එකක් එවුවා, ඒක හරහා ඔයාගේ email address ඒක verify කරන්න කියලා. එකත කරන්න. මොකද එහෙම කෙරුවම ඔයා Twiends එකට Log වෙන හැම සැරේකදිම ඔයාට Seeds හම්බවෙනවා. Settings Page එකේ ඔයාට තව පුළුවන් ඔයාගේ Profile එක Follow කරනවට ඔයා Seeds කීයක් දෙනවද (Modify Options කියන Link එක Click කරන්න), ඔයාගේ Profile එක Twiends එකේ පෙන්නනකොට මූලිකත්වය දෙන්න ඕනේ විශේෂ රටක් තියනවද වගේ දේවල් දෙන්න.

- හරි දැන් ඔයාට පුළුවන් ආපහු Twiends Home Page එකට ගිහින් වැඩේ පටන්ගන්න. ඔයාට පෙන්නයි List එකක් Twitter Profiles වල සහ ඒවා Follow කරනවට ඔයාට Seeds කීයක් දෙනවද කියන එක. ඔයාට තියෙන්නේ ඒ හැම එකක් උඩම Click කරගෙන
Click කරගෙන යන්න. එතකොට ඔයාට Seeds එකතුවෙනවා. Seeds එකතු වුනාම ඔයාගේ Twitter Profile එක ගොඩක් දෙනෙකුට Follow කරන්න පුළුවන් වෙනවා. ඇයි ගොඩක් දෙනෙකුට බෙදල දෙන්න ඔයා ගාව Seeds තියනවනේ.


No comments:
Post a Comment