Java කියල කියන්නේ පරිගණක වැඩසටහන්කරණ භාෂාවක් වගේම තාක්ෂණයක්. ඒක එසේ මෙසේ තාක්ෂණයක් නෙවෙයි. අද ලෝකේ තියන දියුණුම පරිගණක භාෂාව තමයි Java කියන්නේ. Java වල තියන විශේෂත්වය තමයි Java වැඩසටහනක් ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක වැඩකරවීමේ ඇති හැකියාව. එකට කියන්නේ Cross Platform Capability කියලා. ඒ කියන්නේ Java වලින් ලියන ලද මෘදුකාංගයක් Windows, Apple, Linux වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතියක වැඩකරනවා.
හරි. වැඩි විස්තර ඕනේ නෑ. දැන් අපි වැඩේට බහිමුකෝ. බහින්න කිව්වට බහින්න තරම් වැඩක් නෑ.
ඉතින් ඉස්සරහට අපේ Tech පලාමල්ලෙන් Java වලින් ලියන ලද මෘදුකාංගත් හඳුන්වාදෙන්න බලාපොරොත්තුවෙන නිසා කට්ටියම දැන්මම තමතමන්ගේ පරිගණකවල Java Install කරගෙන තියාගෙන ඉන්න ඒක හොඳයි.
Java පරිගණකයේ Install කරගන්න මෙන්න මෙතන Click කරන්න.
ඔන්න එහෙනම් ඒ වැඩෙත් හරි. කට්ටියම එහෙනම් Java Install කරලා තියාගන්නකෝ. ඉස්සරහට ඒක ඕනෙවෙනවා. ඒ නැතත් කවදාහරි Java Software එකක් ඔයාලට හම්බවුනොත් ඒක Run කරන්න ඔයාලගේ පරිගණකයේ Java තියෙන්න අත්‍යාවශ්‍ය වෙනවා.
එහෙනම් පලාමල්ලෙන් තවත් පලාමිටියක් අරගෙන Tech පිස්සා ආයෙත් එන්නම්.

No comments:
Post a Comment