Tuesday, April 24, 2012

මූණුපොතේ මූණු වලින්ම චැට් කරමු.

ඔන්න එහෙනම් අපේ Tech පලාමල්ලෙන් ඉස්සරවෙලාම කියලාදෙන්න යන්නේ අපි කවුරුත් හැමදාම පාහේ යන එන මූණුපොත (facebook) පාවිච්චි කරලා කරන්න පුළුවන් වැඩකෑලි ටිකක්.

අපි හැමෝම ඉතින් ෆේස්බුක් එකේ චැට් කරන එක අඩුවක් නැතිව කරනවනේ. ඒත් දැනගෙන හිටියද ෆේස්බුක් චැට් එකේදී අපිට අපේ යාළුවොන්ගේ රූප යොදාගෙන චැට් කරන්න පුළුවන් කියල? කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

අපි හැමෝගෙම ෆේස්බුක් අකවුන්ට් වලට ඊටම අයිති Profile ID එකක් හරි Username එකක් හරි තියනවනේ. සමහරු මේ Username එක activate කරගෙන තියනවා එහෙම නැති අයගේ Profile ID එක තියනවා. මේ Username එක හෝ Profile ID හොයාගන්න කරන්න තියෙන්නේ අපි කවුරුහරි අපේ යාලුවෙකුගේ Profile එකට ගියාම Web Browser එකේ Address Bar එක බලන එක විතරයි. අපේ යාලුවා Username එකක් පාවිච්චි කරනවනම් එයාගේ Profile එක http://www.facebook.com/USERNAME විදිහට Address Bar එකේ පෙන්නන්න ඕනේ. එහෙම නැතිනම් අපේ යාළුවාට Username එකක් නැත්තන් එයාගේ Profile එක http://www.facebook.com/profile.php?id=USER_ID විදිහට පෙන්නයි. මෙන්න මේ Username එක හෝ Profile ID එක තමයි අපිට මේ වැඩේට ඕනෙකරන්නේ.






කරන විදිහ මෙහෙමයි. අපි Facebook Chat කරද්දී හරි Message එකක් යවද්දී හරි අපේ යාලුවාගේ Username එක හෝ Profile ID එක කොටු වරහන් දෙකක් ඇතුලේ දාන එක. මෙන්න මේ විදිහට [[USERNAME/PROFILE_ID]]

උදාහරණයක් විදිහට අපි හිතමු ෆේස්බුක් එකේ නිර්මාතෘ Mark Zuckerberg අපේ යාලුවෙක් කියලා. මට තව කෙනෙකුට කියන්න ඕනේ "I'm sorry Mark Zuckerberg is busy right now." කියලා. එහෙනම් මට කරන්න තියෙන්නේ. "I'm sorry [[zuck]] is busy right now." කියල ලියන්න. zuck කියන්නේ Mark Zuckerberg ගේ Facebook Profile Username එක. එතකොට Message එක යන්නේ මෙන්න මේ විදිහට.




යාලුවට තියෙන්නේ Profile ID එකක්නම් ඒත් කරන්න තියෙන්නේ [[00000000]] විදිහට දාන එක.

Chat කරනකොටයි Message කරනකොටයි දෙකේදීම මේ වැඩේ කරන්න පුළුවන්. ඔන්න එහෙනම් වැඩේ කරලා බලන්නකෝ. මම ගියා. ආයෙත් වෙලාවක පලාමල්ලෙන් තව මොකක්හරි පලාමිටියක් අරගෙන එන්නම් හැමෝටම බෙදන්න.


No comments:

Post a Comment