Thursday, April 26, 2012

ක්‍රිකට් ලකුණු සජීවීව බලාගන්න පුළුවන් ගැජට් එකක්.

ඕන්න එහෙනම් අද මම කට්ටියටම දෙන්න යන්නේ අපූරු ගැජට් එකක්. මම කලිනුත් කිව්වනේ අපේ Tech පලාමල්ලෙන් ඒක ඒක ගැජට් ඔයාලට දෙනවා කියලා. ඉතින් මෙන්න පොරොන්දුවත් ඉෂ්ටකරගෙන අපේ Tech පළාමල්ලේ පළවෙනි ගැජට් එක ඔයාලට දෙනවා.

අපි හැමෝම ක්‍රිකට් වලට ආසයිනේ නේද? අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාවනේ ඉතින් ක්‍රිකට්. අපිට සමහර වෙලාවට කොච්චර උවමනා උනත් සමහර ක්‍රිකට් මැච් බලන්න බැරිවෙනවා එක එක වැඩ හින්දා. ඉතින් අද මේ හඳුන්වලා දෙන ගැජට් එක ඒකට හොඳ විසඳුමක්. මේක Cricfeeder කියලා කුඩා යෙදවුමක් (Application). මේ යෙදවුම මගින් අපට ලෝකේ ඕනෙම තැනක තියන ක්‍රිකට් තරගයක සජීවී ලකුණු තත්වය වගේම පන්දුවෙන් පන්දුවට කෙරෙන සජීවී විස්තර විචාරයකුත් Text ආකාරයෙන් ලබාගන්න පුළුවන්. ඉතින් රැකියාවක් කරන, ඉගෙනගන්න අයට වගේ ක්‍රිකට් මැච් එකක් බලන්න වෙලාවක් නැති අයට හෝ ඕනෑම කෙනෙකුට මේ යෙදවුම ඉතාම ප්‍රයෝජනවත්. මේකෙන් පරිගණකයේ වැඩකරනගමන්ම ක්‍රිකට් තරගයක් සජීවීව බලනවා වගේම ඒ තරගවල විස්තර දැනගන්න පුළුවන්.

මේ යෙදවුම පාවිච්චි කරන්න නම් ඔයාලගේ පරිගණකයේ Java ස්ථාපනය කරලා තියෙන්න ඕනේ. Java ස්ථාපනය කරන විදිහ මම කලින් කියල දුන්නානේ. ඒක බලන්න බැරිවුන අයට මෙතන Click කරලා ඒක බලලා Java Install කරගන්න පුළුවන්. මේ යෙදවුම නිර්මාණය කරලා තියෙන්නේ තනිකරම Java පරිගණක භාෂාවෙන්.

(File එක ගබඩා කරලා තියෙන්නේ mediafire.com එකේ.)










Cricfeeder එකෙන් මේ යෙදවුම විතරක් නෙවෙයි. හැම ක්‍රිකට් තරගයකම සජීවී ලකුණු Update කිරීමක් Facebook සහ Twitter වෙබ් අඩවි වලත් පවත්වාගෙන යනවා. හැම ඕවර 10කට වරක්, විකට් එකක් ගියාම, හැම ඉනිමක්ම ආරම්භයේදී සහ අවසානයේදී එම ලකුණු Update කෙරෙනවා. ඉතින් කට්ටියට Facebook එකේ Twitter එකේ ඉන්න ගමනුත් සජීවීව ලකුණු බලාගන්න පුළුවන්. Free SMS මගින් ලකුණු සජීවීව ලබාගන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් කරන්න තියෙන්නේ මේ වෙබ් අඩවි දෙකෙන් එකක SMS සඳහා ලියාපදිංචි වෙන එක විතරයි.

එහෙනම් ඔන්න මම පලාමල්ලෙන් ගැජට් එකකුත් දුන්නා. පාවිච්චි කරලා බලන්නකෝ. ආයෙත් හම්බවෙමු.

No comments:

Post a Comment