Thursday, November 15, 2012

අඛණ්ඩ අන්තර්ජාල සබඳතාවයක් සඳහා Rocket Hopping.

අද මම කියන්නේ පොඩි tool එකක් ගැන. එකේ නම තමයි Rocket Hopping. මේ tool එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ අන්තර්ජාල සබඳතාවය බාධාවකින් තොරව සම්බන්ධ වෙලා තියනවද කියලා බලාගන්න. ඒ වගේම මේ tool එකෙන් අන්තර්ජාල සම්බන්ධතාවය මගදී හදිසියේ විසන්ධි වීමත් වළක්වාගන්න පුළුවන්. මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි ජංගම අන්තර්ජාල සේවාවන් පාවිච්චි කරන අයට. මොකද ජංගම අන්තර්ජාල සේවා වලදී ඔයාලා විනාඩි ගානක් අන්තර්ජාලයේ active නොවුනොත් සම්බන්ධතාවය idle mode එකට ගිහින් විසන්ධි වෙන්න ඉඩකඩ තියන නිසා. මේ tool එක භාවිතයෙන් ඒ විසන්ධි වීම ගොඩක් දුරට මගහැරගන්න පුළුවන්.

මේ tool එකත් හදලා තියෙන්නේ Java තාක්ෂණයෙන්. ඒ නිසා පරිගණකයේ Java ස්ථාපනය කරගෙන නැති අය ඉන්නවනම් මුලින්ම Java ස්ථාපනය කරගන්න ඕනේ. ඔබේ පරිගණකයේ Java ස්ථාපනය කරගන්න හැටි දැනගන්න මෙතනින්.

Rocket Hopping v1.4 Download කරගන්න මෙතන Click කරන්න.




මේ tool එක හදන්න පාදක කරගෙන තියෙන්නේ බොහොම සරල තාක්ෂණයක්. මම ළඟදීම දවසක මේ tool එක ඔයාලටම හදාගන්නේ කොහොමද කියලා කියල දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම උනත් පරිගණක පිලිබඳ දැනුමක් ඇති හෝ නැති ඕනෑම කිනෙකුට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ tool එක හදලා තියෙන්නේ.

එහෙනම් ඉතින් පාවිච්චි කරලා ගුණ දොස් මට කියන්නකෝ. සියලුදෙනාටම ජයවේවා!






No comments:

Post a Comment