Thursday, November 15, 2012

අඛණ්ඩ අන්තර්ජාල සබඳතාවයක් සඳහා Rocket Hopping.

අද මම කියන්නේ පොඩි tool එකක් ගැන. එකේ නම තමයි Rocket Hopping. මේ tool එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ අන්තර්ජාල සබඳතාවය බාධාවකින් තොරව සම්බන්ධ වෙලා තියනවද කියලා බලාගන්න. ඒ වගේම මේ tool එකෙන් අන්තර්ජාල සම්බන්ධතාවය මගදී හදිසියේ විසන්ධි වීමත් වළක්වාගන්න පුළුවන්. මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි ජංගම අන්තර්ජාල සේවාවන් පාවිච්චි කරන අයට. මොකද ජංගම අන්තර්ජාල සේවා වලදී ඔයාලා විනාඩි ගානක් අන්තර්ජාලයේ active නොවුනොත් සම්බන්ධතාවය idle mode එකට ගිහින් විසන්ධි වෙන්න ඉඩකඩ තියන නිසා. මේ tool එක භාවිතයෙන් ඒ විසන්ධි වීම ගොඩක් දුරට මගහැරගන්න පුළුවන්.

මේ tool එකත් හදලා තියෙන්නේ Java තාක්ෂණයෙන්. ඒ නිසා පරිගණකයේ Java ස්ථාපනය කරගෙන නැති අය ඉන්නවනම් මුලින්ම Java ස්ථාපනය කරගන්න ඕනේ. ඔබේ පරිගණකයේ Java ස්ථාපනය කරගන්න හැටි දැනගන්න මෙතනින්.

Rocket Hopping v1.4 Download කරගන්න මෙතන Click කරන්න.




මේ tool එක හදන්න පාදක කරගෙන තියෙන්නේ බොහොම සරල තාක්ෂණයක්. මම ළඟදීම දවසක මේ tool එක ඔයාලටම හදාගන්නේ කොහොමද කියලා කියල දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම උනත් පරිගණක පිලිබඳ දැනුමක් ඇති හෝ නැති ඕනෑම කිනෙකුට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ tool එක හදලා තියෙන්නේ.

එහෙනම් ඉතින් පාවිච්චි කරලා ගුණ දොස් මට කියන්නකෝ. සියලුදෙනාටම ජයවේවා!






Friday, November 9, 2012

Tech පළාමල්ල අද සිට 10 කවියා ලෙසින්

ඕන්න එහෙනම් කාලෙකට පස්සේ මම ආපහු ආවා. හැබැයි ආවෙවෙනස්කම් තොගයකුත් අරගෙන. අද ඉඳන් "Tech පළාමල්ල" කියල එකක් නෑ. ඒ වෙනුවට තියෙන්නේ "10 කවියා" කියල blog එකක්. Post කරන්නේ නම් පරණ පුරුදු තාක්ෂණික වැඩ කෑලිම තමයි. ඒ හින්දා බයවෙන්න දෙයක් නෑ. 10 කවියා කියන්නේ මගේම 10 Poet කියන ඉංග්‍රීසි blog එකේ සිංහල සංස්කරණය. ඉංග්‍රීසි blog එකටත් ගිහින් බලන්න. මෙන්න address එක.

http://10poet.blogspot.com

ඒ වගේම ඉතින් මේ සිංහල blog එකෙත් address එක අද ඉඳන් වෙනස් වෙනවා. අලුත් address එක තමයි,

http://10kavi.blogspot.com

හරි. මම දැන් මේ නම වෙනස් කරා විතරයි. තව කරන්න වෙනස්කම් ගොඩයි. ඒවත් ටික ටික කරන්නම්. එතකන් සමහර සමහර තැන්වල තවමත් Tech පළාමල්ල කියල පරණ නමම පෙන්නන්න බැරි නෑ හොඳේ? ඉක්මනට ඒ සේරමත් වෙනස් කරලා ආපහු posts දාන්න පටන්ගන්නම්කො.

එහෙනම්  හැමෝටම ජයවේවා! ඉක්මනටම ආපහු හම්බවෙමු. :)




Saturday, April 28, 2012

Skype Mood එක විදිහට අපේ ජාතික කොඩිය දමමු.

අද මම කියලදෙන්න යන්නේ Skype එකේ Mood එක, එහෙමත් නැත්නම් Status එක විදිහට අපේ රටේ ජාතික කොඩිය යොදාගන්නා හැටි. කරන්න තියෙන්නේ මෙච්චරයි.

Skype Mood එක Type කරන්න තියන තැන (flag:lk) කියලා Type කරලා හරි ලකුණ Click කරන්න. එතකොට ඔයාගේ Mood එක විදිහට ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය එනවා.

තවත් ඒක පාවිච්චි කරලා ඔයාලට ලස්සන Moods හදන්න පුළුවන්. ♥ (flag:lk) වගේ ඒවා.



ශ්‍රී ලංකා කොඩිය විතරක් නෙවෙයි. ඔයාලට අවශ්‍යනම් තවත් රටවල් ගණනාවකම ජාතික කොඩි Skype Mood එකට දාන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන් ජාතික කොඩි සේරම ඔන්න මම  පහලින් ලියලා තියනවා.

(flag:al) Albania
(flag:dz) Algeria
(flag:as) American Samoa
(flag:ad) Andorra
(flag:ao) Angola
(flag:ai) Anguilla
(flag:aq) Antarctica
(flag:ag) Antigua and Barbuda
(flag:ar) Argentina
(flag:am) Armenia
(flag:aw) Aruba
(flag:au) Australia
(flag:at) Austria
(flag:az) Azerbaijan
(flag:bs) Bahamas
(flag:bh) Bahrain
(flag:bd) Bangladesh
(flag:bb) Barbados
(flag:by) Belarus
(flag:be) Belgium
(flag:bz) Belize
(flag:bj) Benin
(flag:bm) Bermuda
(flag:bt) Bhutan
(flag:bo) Bolivia
(flag:ba) Bosnia and Herzegovina
(flag:bw) Botswana
(flag:br) Brazil
(flag:io) British Indian Ocean Territory
(flag:vg) British Virgin Islands
(flag:bn) Brunei Darussalam
(flag:bg) Bulgaria
(flag:bf) Burkina Faso
(flag:bi) Burundi
(flag:kh) Cambodia
(flag:cm) Cameroon
(flag:ca) Canada
(flag:cv) Cape Verde
(flag:ky) Cayman Islands
(flag:cf) Central African Republic
(flag:td) Chad
(flag:cl) Chile
(flag:cn) China
(flag:cx) Christmas Island
(flag:cc) Cocos Islands
(flag:co) Colombia
(flag:km) Comoros
(flag:cd) Congo
(flag:cg) Congo
(flag:ck) Cook Islands
(flag:cr) Costa Rica
(flag:ci) Cote D’Ivoire
(flag:cu) Cuba
(flag:cy) Cyprus
(flag:cz) Czech Republic
(flag:dk) Denmark
(flag:dj) Djibouti
(flag:dm) Dominica
(flag:do) Dominican Republic
(flag:ec) Ecuador
(flag:eg) Egypt
(flag:sv) El Salvador
(flag:gq) Equatorial Guinea
(flag:er) Eritrea
(flag:ee) Estonia
(flag:et) Ethiopia
(flag:fo) Faeroe Islands
(flag:fk) Falkland Islands
(flag:fj) Fiji
(flag:fi) Finland
(flag:fr) France
(flag:gf) French Guiana
(flag:pf) French Polynesia
(flag:tf) French Southern Territories
(flag:ga) Gabon
(flag:gm) Gambia
(flag:ge) Georgia
(flag:de) Germany
(flag:gh) Ghana
(flag:gi) Gibraltar
(flag:gr) Greece
(flag:gl) Greenland
(flag:gd) Grenada
(flag:gp) Guadaloupe
(flag:gu) Guam
(flag:gt) Guatemala
(flag:gn) Guinea
(flag:gw) Guinea-Bissau
(flag:gy) Guyana
(flag:ht) Haiti
(flag:hm) Heard and McDonald Islands
(flag:va) Holy See (Vatican City State)
(flag:hn) Honduras
(flag:hk) Hong Kong
(flag:hr) Hrvatska
(flag:hu) Hungary
(flag:is) Iceland
(flag:in) India
(flag:id) Indonesia
(flag:ir) Iran
(flag:iq) Iraq
(flag:ie) Ireland
(flag:il) Israel
(flag:it) Italy
(flag:jm) Jamaica
(flag:jp) Japan
(flag:jo) Jordan
(flag:kz) Kazakhstan
(flag:ke) Kenya
(flag:ki) Kiribati
(flag:kp) Korea
(flag:kr) Korea
(flag:kw) Kuwait
(flag:kg) Kyrgyz Republic
(flag:la) Lao
(flag:lv) Latvia
(flag:lb) Lebanon
(flag:ls) Lesotho
(flag:lr) Liberia
(flag:ly) Libyan Arab Jamahiriya
(flag:li) Liechtenstein
(flag:lt) Lithuania
(flag:lu) Luxembourg
(flag:mo) Macao
(flag:mk) Macedonia
(flag:mg) Madagascar
(flag:mw) Malawi
(flag:my) Malaysia
(flag:mv) Maldives
(flag:ml) Mali
(flag:mt) Malta
(flag:mh) Marshall Islands
(flag:mq) Martinique
(flag:mr) Mauritania
(flag:mu) Mauritius
(flag:yt) Mayotte
(flag:mx) Mexico
(flag:fm) Micronesia
(flag:md) Moldova
(flag:mc) Monaco
(flag:mn) Mongolia
(flag:ms) Montserrat
(flag:ma) Morocco
(flag:mz) Mozambique
(flag:mm) Myanmar
(flag:na) Namibia
(flag:nr) Nauru
(flag:np) Nepal
(flag:an) Netherlands Antilles
(flag:nl) Netherlands
(flag:nc) New Caledonia
(flag:nz) New Zealand
(flag:ni) Nicaragua
(flag:ne) Niger
(flag:ng) Nigeria
(flag:nu) Niue
(flag:nf) Norfolk Island
(flag:mp) Northern Mariana Islands
(flag:no) Norway
(flag:om) Oman
(flag:pk) Pakistan
(flag:pw) Palau
(flag:ps) Palestina
(flag:pa) Panama
(flag:pg) Papua New Guinea
(flag:py) Paraguay
(flag:pe) Peru
(flag:ph) Philippines
(flag:pn) Pitcairn Island
(flag:pl) Poland
(flag:pt) Portugal
(flag:pr) Puerto Rico
(flag:qa) Qatar
(flag:re) Reunion
(flag:ro) Romania
(flag:ru) Russian Federation
(flag:rw) Rwanda
(flag:sh) St. Helena
(flag:kn) St. Kitts and Nevis
(flag:lc) St. Lucia
(flag:pm) St. Pierre and Miquelon
(flag:vc) St. Vincent and the Grenadines
(flag:ws) Samoa
(flag:sm) San Marino
(flag:st) Sao Tome and Principe
(flag:sa) Saudi Arabia
(flag:sn) Senegal
(flag:cs) Serbia and Montenegro
(flag:sc) Seychelles
(flag:sl) Sierra Leone
(flag:sg) Singapore
(flag:sk) Slovakia
(flag:si) Slovenia
(flag:sb) Solomon Islands
(flag:so) Somalia
(flag:za) South Africa
(flag:es) Spain
(flag:lk) Sri Lanka
(flag:sd) Sudan
(flag:sr) Suriname
(flag:sz) Swaziland
(flag:se) Sweden
(flag:ch) Switzerland
(flag:sy) Syria
(flag:tw) Taiwan
(flag:tj) Tajikistan
(flag:tz) Tanzania
(flag:th) Thailand
(flag:tl) Timor-Leste
(flag:tg) Togo
(flag:tk) Tokelau
(flag:to) Tonga
(flag:tt) Trinidad and Tobago
(flag:tn) Tunisia
(flag:tr) Turkey
(flag:tm) Turkmenistan
(flag:tc) Turks and Caicos Islands
(flag:tv) Tuvalu
(flag:vi) US Virgin Islands
(flag:ug) Uganda
(flag:ua) Ukraine
(flag:ae) United Arab Emirates
(flag:gb) United Kingdom
(flag:us) United States of America
(flag:uy) Uruguay
(flag:uz) Uzbekistan
(flag:vu) Vanuatu
(flag:ve) Venezuela
(flag:vn) Viet Nam
(flag:wf) Wallis and Futuna Islands
(flag:eh) Western Sahara
(flag:ye) Yemen
(flag:zm) Zambia
(flag:zw) Zimbabwe

එහෙනම් ආයෙත් හම්බවෙමු. Tech පළාමල්ල ගැන යාලුවොන්ටත් කියන්න හොඳද? හැමෝටම ජයවේවා!


Twitter Followers ලා වැඩි කරගන්න Trick එකක්

අපේ Tech පළාමල්ල බලන සමහර අයට Twitter Accounts එහෙම ඇතිනේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ Twitter Profile එකට Followers ලා වැඩිකරගන්න හැටි. හැමෝම කැමතිනේ ඉතින් තමන් දාන Tweets වැඩි දෙනෙක් දකිනවනම් නේ? අනික Business මට්ටමේ Twitter Profiles පවත්වාගෙන යන අයට එහෙම තමන්ට Followers ලා ගොඩක් ඉන්න එක ගොඩක් වටිනවනේ.

කරන්න තියෙන්නේ මෙච්චරයි. 
  • Website එකක් තියනවා www.twiends.com කියලා. මේ Website එකට ගිහින් Account එකක් හදාගන්න ඕනේ. 
  • ඊට පස්සේ ඔයාලගේ Twitter Account එක ඒකට Add කරන්න
මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක්.



Twiends එකේ Followers ලා දෙන්නේ මෙන්න මෙහෙමයි. Twiends Seeds කියලා දෙයක් තියනවා. ඔයාට පුළුවන් ඔයාගේ Account එක Follow කරනවට ඔයා Twiends Seeds කීයක්‌ එක්කෙනකුට දෙනවද කියලා කියන්න. එතකොට වැඩිම Seeds ලබාදීමේ අනුපිලිවෙලට ඔයාගේ Twitter Profile එක ඒ Website එකේ පෙන්නනවා. ආරම්භක Seeds විදිහට Seeds ටිකක් ඔයාලට මුලින්ම හම්බවෙයි. කවුරුහරි තව Twiends එකේ ඔයාල වගේම කෙනෙක් ඔයාලගේ Account එක ඒක හරහා Follow කෙරුවාම අර ඒක Follow එකකට ඔයා දෙනවා කිව්වා Seeds ගාන ඔයාගේ Account එකෙන් ඒ Follow කරපු කෙනාගේ Account ඒකට මාරු වෙනවා. ඔයාටත් ඔයාගේ Account එකේ Seeds ගාන වැඩිකරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ Twiends හරහා තවත් Twitter Profiles, Follow කිරීම විතරයි. එතකොට ඒ Profile එක Follow කරනවට දෙනවා කියල තියන Seeds ගාන ඔයාගේ Account එකට එනවා. ඒ Seeds ආයෙමත් ඔයාට ඔයාගේ Profile එක Follow කරන අයට දෙන්න පුළුවන්.

Follow කරන එකත් හරිම ලේසියි. තනි Click එකකින් වැඩේ කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ Twiends List එකේ තියන Twitter Profiles ටික එකින ඒක Click කරගෙන යන්න විතරයි.

ඔන්න එහෙනම් මම දැන් වැඩේ කරන විදිහ පියවරෙන් පියවර කියල දෙන්නම්.
  1. ඉස්සරවෙලාම www.twiends.com වෙබ් අඩවියට යන්න. එකේ උඩ දකුණු කෙලවරේ ඇති Sign In with Twitter කියල Button එකක්. ඒක Click කරන්න.

     
  2. ඊට පස්සේ තවත් Web Page එකක් Open වෙලා Twitter වලින් Twiends Application එක Authorize කරන්න කියල අහයි. එතනට ඉල්ලනවනම් Username එකයි Password එකයි ත් දීලා Authorize App උඩ Click කරන්න.

  3. දැන් ඔයා ආපහු Twiends එකට යන්න. දැන් ඔයා ඒකට Login වෙලා ඉඳියි. දැන් කරන්න තියෙන්නේ එකේ උඩ දකුණු පැත්තේ තියන Settings කියන එක Click කරන එකයි. ඊට පස්සේ Load වෙන Web Page එකේ ඔයාගේ email එක දෙන්න එයාල කියයි එතකොට ඔයාගේ email ඒකට message එකක් එවුවා, ඒක හරහා ඔයාගේ email address ඒක verify කරන්න කියලා. එකත කරන්න. මොකද එහෙම කෙරුවම ඔයා Twiends එකට Log වෙන හැම සැරේකදිම ඔයාට Seeds හම්බවෙනවා. Settings Page එකේ ඔයාට තව පුළුවන් ඔයාගේ Profile එක Follow කරනවට ඔයා Seeds කීයක්‌ දෙනවද (Modify Options කියන Link එක Click කරන්න), ඔයාගේ Profile එක Twiends එකේ පෙන්නනකොට මූලිකත්වය දෙන්න ඕනේ විශේෂ රටක් තියනවද වගේ දේවල් දෙන්න.

  4. හරි දැන් ඔයාට පුළුවන් ආපහු Twiends Home Page එකට ගිහින් වැඩේ පටන්ගන්න. ඔයාට පෙන්නයි List එකක් Twitter Profiles වල සහ ඒවා Follow කරනවට ඔයාට Seeds කීයක්‌ දෙනවද කියන එක. ඔයාට තියෙන්නේ ඒ හැම එකක් උඩම Click කරගෙන  Click කරගෙන යන්න. එතකොට ඔයාට Seeds එකතුවෙනවා. Seeds එකතු වුනාම ඔයාගේ Twitter Profile එක ගොඩක් දෙනෙකුට Follow කරන්න පුළුවන් වෙනවා. ඇයි ගොඩක් දෙනෙකුට බෙදල දෙන්න ඔයා ගාව Seeds තියනවනේ.

හරි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් වැඩේ වෙන්නේ. කරලා බලන්නකෝ. හොඳයි කියල හිතනවානම් Comment එකකුත් දාලම යන්න. ඔයාලගේ යාලුවන්ටත් අපේ Tech පළාමල්ල ගැන කියන්න අමතක කරන්න එපා හොඳද? Tech පළාමල්ල බලන්න ගොඩක් කට්ටිය හිටියොත් නේ Tech පිස්සා ටත් මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් හැමෝටම ජයවේවා!


Friday, April 27, 2012

Facebook එකේ කතාව - The Social Network (Free and Direct Download)

ඔන්න එහෙනම් Tech පලාමල්ලෙන් අද කට්ටියටම දෙන්න යන්නේ Film එකක්. මේකත් ටිකක් තාක්ෂණයට බර කතාවක්. සමහරවිට මේ වෙනකොට ගොඩක් අය මේක බලලා තියෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් බලපු නොබලපු හැමෝටම අද මම මේ Film එක share කරනවා..

මේ Film එක තමයි The Social Network. මේකේ තියෙන්නේ අපි හැමෝම හැමදාම වගේ පාවිච්චි කරන Facebook එකේ කතාව. ඉතින් මේක Technology වලට, Programming වලට එහෙම ආස අය ගොඩක් කැමතිවෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිත රඟපාන්නේ Jesse Isenberg (as Mark Zuckerberg), Andrew Garfield (as Eduardo Saverin), Justin Timberlake (as Sean Parker) Film එක Release වුනේ 2010 දී.



ඉතින් ඔන්න එහෙනම් මේ Film එක Download කරගන්න ඔයාලටත් පුළුවන්. Torrents හොය හොය දුක් විඳින්න ඕනේ නෑ. එකපාරින්ම Direct Download කරගන්න මම Links දෙනවා. ආයේ ads දාන්නෙවත්, තප්පර ගානක් බලන් ඉන්නවත්, කිසිම බාධාවක් නෑ. කෙලින්ම Download කරගන්න පුළුවන්. මේක විතරක් නෙවෙයි, ඉස්සරහට Tech පලාමල්ලෙන් දෙන Films ඔක්කොම දෙන්නේ Direct Download Links විදිහට තමයි. ඉතින් Films Direct Download කරගන්න හොයන අයටත් අපේ Tech පළාමල්ල ගොඩක් වැදගත් වෙයි. ඔයාලට ඕනේ Films එහෙම තියනවනම් Comment එකක් දාල ඒක ඉල්ලන්නකෝ. Tech පිස්සා කොහොමහරි ඒක හොයාගෙන පලාමල්ලට දාගෙන එන්නම් ඒක ඔයාලට Direct Download කරගන්න.

The Social Network, Direct Download කරගන්න මෙන්න Links.

Parts විදිහට Download කරගත්ත Film එක තනි File එකකට ගන්න හැටි මෙතනින් දැනගන්න පුළුවන්.

සමහරුනම් Computer වැඩ කෑලි තියන Films බලන්නේ නෑ කියලා මේකත් නොබලා ඉන්නවා. ඒත් මමනම් කියන්නේ මේක අනිවාර්යයෙන්ම බලන්න. මේක ගොඩක් ආසා හිතෙන කතාවක්. ඒ වගේම අපිට උත්සාහයෙන් දිගටම වැඩකරන්න කියන පණිවිඩේ වගේම පොඩි ගැම්මකුත් දෙනවා. එහෙනම් Enjoy The Film කිව්වා! තව Films එහෙම ඕනෙනම් බයනැතුව මගෙන් ඉල්ලන්න හරිද? මම කොහොමහරි Tech පලාමල්ලෙන් ඒක දෙන්නම්.

The Social Network ගැන IMDb Page ඒක බලන්න මෙතන Click කරන්න.

The Social Network එකේ Trailer ඒක මෙන්න.






Thursday, April 26, 2012

7-Zip වලින් .part File තනි File එකකට Extract කිරීම

ඔන්න දැන් කියලදෙන්න යන්නේ 7-Zip Compression Tool එක පාවිච්චි කරලා Parts විදිහට තියන Files තනි File එකක් කරගන්නේ කොහොමද කියලා.

සමහර වෙලාවට අපි ටිකක් ලොකු File එකක් Download කරන්න ගියාම ඒවා Download කරන්න වෙන්නේ Parts විදිහට. (උදා: FileXYZ.exe.part1, FileXYZ.exe.part2, FileXYZ.exepart3 විදිහට) ඉතින් ඔය වෙලාවට අපි ඒ Download කරගත්ත Files ටික තනි File එකක් කරගන්නේ 7-Zip වලින්.


වැඩේ කරන්නේ මෙහෙමයි.

.part1, .part2, වශයෙන් තියන Files ටිකෙන් .part1 File එක උඩ Right Click කරන්න. ඊටපස්සේ එන Menu එකෙන් 7-Zip --> Extract Files... කියන එක Click කරන්න.


දැන් ඊළඟට මතුවෙන Window එකේ ඔයාට File එක හැදෙන්න ඕනෙ තැන Path එක දීලා OK කරන්න. එතකොට වැඩේ හරි. නැත්තන් File එක හැදෙන්න ඕනෙ අර part Files තිබුන තැනමනම් කෙලින්ම අර Menu එකෙන් 7-Zip --> Extract Here කියන එක Click කරන්න. දැන් ඒ part File සේරම තනි File එකක් විදිහට හැදෙනවා.


කරලා බලන්නකෝ. ඉස්සරහට Tech පලාමල්ලෙන් දෙන සමහර Files Extract කරගන්නත් මේ ක්‍රමය උවමනා වෙයි. එහෙනම් ඔන්න මං ගියා. ආයෙ හම්බවෙමු.



File අඩියටම තලන්න 7-Zip Compression Tool

ඔන්න Tech පලාමල්ලෙන් තවත් ගැජට් එකක් හඳුන්වලා දෙන්නයි යන්නේ. මේක File Compression Tool එකක්. මේ වෙනකොට ගොඩක් දෙනෙක් WinZip එහෙම නැත්තන් WinRar වගේ Compression Tools පාවිච්චි කරනවානේ. ඒත් දැන් මම මේ කියන්න යන Tool ඒක ඊට වඩා ගොඩක්ම හොඳ එකක්. ඒ තමයි 7-Zip. 



ඒක අර අනිත් Tools වගේ Crack කරන්න Keys දාන්න ඕනේ නෑ. මේක සම්පූර්ණ නිදහස්, නොමිලේ ලබාදෙන Software එකක්. ඒ වගේම අනිත් Tools වලට වඩා සිය ගුණයක් විතර මේක හොඳයි. ගොඩක්ම පොඩි වෙන්න Files Compress කරනවා. මේ මමත් මේක පාවිච්චි කරලා 4GB ලොකු Files ටිකක් 700MB වෙන්න Compress කරා.

(Windows 32-bit version)



Software Developers ලා එහෙම ඉන්නවනම් ඔන්න එයාලට මේ Tool එකේ Source Code එකත් ලබාගන්න පුළුවන්.